නව පුරාවිද්‍යා ගවේෂණය

අප සංවිධානයේ විද්වතුනුත් සහ වෙනත් බොහෝ විද්වතුන් විසිනුත් මේ දක්වා කරන ලද ඉතිහාස කරුණු ගවේෂණ වලින්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී එම නිලධාරීන් විසින් මුළු ඉන්දියන් උප මහද්වීපයේම ඉතිහාස විකුර්තියක් කොට ඇති බවත් එම විකුර්තිය නිසා විශේෂයෙන්ම කකුසද, කෝණාගම, කාශ්‍යප සහ ගොතම සමන යන අප අවසාන තථාගතයන් වහන්සේලාගේ සත්‍ය ඉතිහාසාගත  කරුණු සහ උන් වහන්සේලා දේශනා කරන ලද නිබ්බාන මග විකුර්ති වී ගොස් ඇති බව අද සොයා ගෙන ඇත. තවද ගොතම සමන තථාගතයන් වහන්සේ, ඊට සමකාලීන වෙනත්  ශාස්තෘ වරුන් සහ රජවරුන් ජිවත් වූ කාලය පිළිබදවද බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් හා බටහිර ලේඛකයන් නිර්ණය කර ඇති කාල වකවානු පවා වැරදි බව නොයෙකුත් විද්වතුන් අද සනාථ කර ඇත. එබැවින් බුදු වරුන් සහ ඔවුන් ජීවත් වූ කාලය පිලිබදවද, අද භාවිතා කරන සක වර්ෂ, වික්‍රම වර්ෂ සහ සලිවහන වර්ෂ ගණනයද වැරදි බව මේ වනවිට ඉන්දීය විද්වතුන් සහ විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත.   

අපටද දැනට පෙනෙන හැටියට, ගොතම සමන අප තථාගතයන් වහන්සේ සහ ඊට සමාගමි රජවරුන් සහ අනෙකුත් ශාස්තෘවරුන් ජීවත් වී ඇත්තේ අප දැනට විශ්වාස කරන කාලයට තවත් අවරුදු දහසකට පමණ පෙර බව පෙනී යයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ කරන ලද අනුමාන මත ගොඩ නැගුණු ඉතිහාස කතාව මිථ්‍යාවක් බව අද බොහෝ විද්වතුන් දරන  මතය අපගේ ගවේෂණ වලින්ද තහවුරු වී ඇති හෙයින් ඉහත බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් සිදු කර ඇති ඉතිහාස විකුර්තිය ලොවට හෙළි කොට නිවැරදි ඉතිහාස තොරතුරු සනාත කිරීම සදහා නව පුරාවිද්‍යා ගවේෂණයක දැඩි අවශ්‍යතාවය අප විසින් හදුනාගෙන ඇත.

ඒ අනුව දැනට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇති හෙළ සංස්කෘතියේ හෙළ  තථාගතයන් වහන්සේලා, සහ ඊට සමගාමිව එවකට හෙළ දිවේ ජිවත් වී ඇති අනෙකුත් ජෛන මුනි වරුන්ගේ, ආජීවක සහ බ්‍රාහ්මණ යනාදී අනෙකුත් සංස්කෘතීන් පිළිබද සත්‍ය තොරතුරු ලොවට අනාවරණය වන ලෙස, අති නවීන තාක්ෂණය භාවිතා කර නවතම පුරාවිද්‍යා ගවේෂණයක් කිරීමට අප ව්‍යාපෘතිය මගින් අවශය මුලික කටයුතු දැනමත් සුදානම් කරමින් සිටි.  

මෙම ගවේෂණය ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ පැරණි සේද මාර්ගය ආවරණය වන ලෙස දියත් කිරීමට සැලසුම් කොට ඇති අතර මෙය ඉන්දීය, ශ්‍රී ලාංකීය , සහ යුරෝපා විද්වත් මණඩලයක් මගින් UNESCO වැනි ජාත්‍යන්තර ආයතන වල අධීක්ෂණය යටතේ කිරීමට සැලසුම කර ඇත. දැනටමත් ඒ සදහා අවශ්‍ය විද්වතුන් සහ විද්වත් ආයතන සමග මුලික සකච්චා ආරම්භ කර ඇත.

මේ සදහා දැනට ලොව ඇති අති නවීනතම තාක්ෂණය උපයෝගි කොට ගැනීමට බලාපොරොත්තු වන අතර  එවැනි හැකියාවන් පිලිබදව දැනට මුලික අධ්‍යනයක් කරමින් සිටි. ඉදිරියේදී, මේ සදහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, Archeological Survey of India (ASI) සහ ජර්මානු පුරාවිද්‍යා ආයතනය (DIA), UNESCO සහ ICOMAS යනාදී ආයතන සමග සම්බන්ධ වීමට අවශ්‍ය ඉදිරි සැලසුම් යොදා ඇත.  

මේ ගවේෂණය සාර්ථක කරගැනීම සදහා අපට උපකාර කිරීමට කැමති සියලු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වේ.