අධිකරණ හා නිතී ක්‍රියාමාර්ග

අප සංවිධානයේ විද්වතුනුත් සහ වෙනත් බොහෝ විද්වතුන් විසින් මේ දක්වා කරන ලද ඉතිහාස කරුණු ගවේෂණ වලින්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී එම නිලධාරීන් විසින් මුළු ඉන්දියන් උප මහද්වීපයේම ඉතිහාස විකුර්තියක් කොට ඇති බවත් එම විකුර්තිය නිසා විශේෂයෙන්ම අප අවසාන තථාගතයන් වහන්සේලා වන කකුසද, කෝණාගම, කාශ්‍යප සහ ගොතම සමන යන බුදුරජානන් වහන්සේලාගේ සත්‍ය ඉතිහාසාගත  කරුණු සහ උන්වහන්සේලා දේශනා කරන ලද නිබ්බාන මග ලොවෙන් සැගව ගොස් ඇති බව අද පැහැදිලිව සොයා ගෙන ඇත.

මෙම ඉතිහාස විකුර්තිය නිසා, අපට මේ තාක් පාසල් අධ්‍යාපනය තුලින් ඉගෙන ගැනීමට ලැබුනේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඔවුන්ගේ පටු ආර්ථික වාසි මුදුන් පමුණුවා ගැනීම සදහා, ඊස්ට් ඉන්දියා සමාගම විසින් ආසියා රටවල් මංකොල්ල කන්න ආරම්භ කරන ලද ඔවුන්ගේ පෞද්ගලික හමුදාවේ නිලධාරීන් සහ පසු කලෙක බ්‍රිතාන්‍ය යටත් විජිත රජයන් විසින් බදවා ගන්නා ලද ජර්මාණු පුරාවිද්‍යාඥන් කීප දෙනෙක් විසින් නිර්මාණය කරන ලද විකුර්ති මිත්‍යා ඉතිහාසයක්ය. අපගේ පාසල් වල දැනටත් උගන්වන්නේ එම මිත්‍යා ඉතිහාසයයි.

මෙසේ ඉතිහාසය විකුර්ති කලාට අමතරව අපේ සත්‍ය ඉතිහාසය අපෙන් සගවා තබන්නට අපේ පැරණි ඉතිහාස, තිපිටක ධම්ම, විද්‍යා හා තාක්ෂණ පොත්පත් සියල්ල ඔවුන් විසින් නැව් ගනනින් යුරෝපයට ගෙන ගොස් සගවා තබා ඇත. ඔවුන් එසේ යුරෝපයට ගෙනගිය අපේ පැරණි පුස්කොල, රන්, රිදී සහ තබ පොත් දස දහස් ගණනක් අප විසින් මේ වන විට බ්‍රිතාන්‍යයයෙන්, ප්‍රංශයයෙන් සහ ඩෙන්මාර්කයෙන් සොයා ගෙන ඇත. එම පොත් වලින් අපේ සත්‍ය ඉතිහාසය පිළිබද ඉතා වටිනා තොරතුරුද අප සංවිධාන විසින් අනාවරණය කොටගෙන ඇත. ඒ අනුව අප සංවිධානයේ නිර්මාතෘ වරුන් විසින් කරන ලද දීර්ඝ ගවේෂණයකින්, අපේ ඉතිහාසය විකුර්ති කරන ලද පුද්ගලයන් ඔවුන් එසේ කල ආකාරය සහ එම කාර්යයේ යටි අරමුණු යනාදී සියලු තොරතුරු අපි විසින් දැන් පැහැදිලිව සොයා ගෙන ඇත.

ඉහත පරිදි සොයාගෙන ඇති කරුණු වලට අනුව එම නිලධාරීන් සහ ඔවුන්ව මෙහෙය වූ එවකට තිබු බ්‍රිතාන්‍ය රාජ්‍ය තන්ත්‍රය විසින් පටු ආර්ථික පරමාර්ථයන් සපුරා ගැනීම් උදෙසා සාපරාධි වරදක් කර ඇති බව අධිකරණයේ ඔප්පු කරන්නට අවශ්‍ය තරම් තොරතුරු දැනට අප සතුව ඇත. ඔවුන් විසින් කර ඇති ඒ බරපතල වරදින් අපගේ

  • ජාතික අනන්‍යතාවය විකුර්ති වී ගොස් ඇති බවත්,
  • අප අදහන දහම දේශනා කල ශාස්තෘවර අපගේ ගොතම බුදු හිමියන්ගේ, උපන් දේශය, ස්ථානය, බුදු වූ ස්ථානය යනාදී කරුණු විකුර්ති වී ඇති බවත්, ඒ වෙනුවට වැරදි ස්ථාන ලොවට හදුන්වා දී ඇති බවත්, සනාථ කිරීමට අපට පැහැදිලි ශාක්ෂි ඇත.

ඒ අනුව පහත ඉල්ලීම් ඉල්ලමින් අප බ්‍රිතාන්‍ය අධිකරණයේ බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට සැලුම් කොට ඇත. ඒ නඩුව ඉතා නුදුරේම පැවරීමට අපගේ බ්‍රිතානයේ නීතිඥයන් විසින් මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටි.  

එම අධිකරණ ක්‍රියාමාර්ගය මගින්,

  • ඔවුන් විසින් කර ඇති වරදට පොදු මහජනතාවගෙන් සමාව ගන්නා ලෙසත්,
  • අපේ සියලු පැරණි ඉතිහාස, තිපිටක සහ විද්‍යා තාක්ෂන පොත් අපට නැවත ලබාදෙන ලෙසත්,
  • අපගේ ඉතිහාසය නිවැරදි කිරීමට අවශ්‍ය කරන නව පුරාවිද්‍යා ගවේෂණය කිරීමට යන වියදම ගෙවන ලෙසත් ඉල්ලීමට, නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්, ඉතිහාසය නැවත ගවේෂණය කර නිවැරදි ඉතිහාස කරුණු සොයා නිවැරදි ඉතිහාසය පමණක් ලංකාවේ පාසල් වල උගන්වන ලෙස නිත්‍යානුකුල ඉල්ලීමක්  කිරිමටත් අප සංවිධාන බලපොරොත්තු වේ.