ලොවෙන් සැගව ගිය ජන්බුද්විපය සහ ගොතම සමන

“ලොවෙන් සැගව ගිය ජන්බුද්වීපය සහ ගොතම සමන” නම් කෘතිය අරියකම්මට්ටාන නම් වූ සංවිධානයේ නිර්මාතෘ අරියමගග්ග හිමියන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව, පකිස්ථානය, ටිබෙටය, චිනය, නේපාලය, ශ්‍රී ලංකාව, බුරුමය හා තායිලන්තය යන රටවල සංචාරය කරමින් කරන ලද ඉතිහාස ගවේෂණයන්ගෙන් අනාවරණය කොටගෙන ඇති ඉතා වටිනා තොරතුරු රාශියක් මත පදනම් කොටගෙන රචනා කර ඇති කෘතියකි.

මේ මගින් ඇදහිය නොහැකි තරම් විස්මිත තොරතුරු රාශියක් ඉදිරිපත් කෙරෙන අතර ඒ මගින්;

  1. සිද්ධාර්ථ ගෞතම නමින් බුදු වරයකු මේ ලොව ජීවත් වී නැති බවත්,
  2. ගෞතම යනු බ්‍රාහ්මණ ගෝත්‍රයක් බවත් ගෞතම නමින් ක්‍රිස්තු පුර්ව 600-500 පමණ  ඉන්දියාවේ ජීවත් වී ඇත්තේ ජෛන මුනි වරයකු පමණක් බවත්, ඔහු බුදු වරයකු නොවන බවත්,
  3. ගොතම සමන බුදු හිමියන් ජීවත් වී ඇත්තේ අද ලංකාව ලෙස හැදින්වෙන දිවයිනේ බවත්,
  4. ගොතම සමන් සහ ශාක්‍යමුනි යනු එක් ශාස්තෘරුවරුයකු නොව දෙදෙනෙකු බවත්,
  5. ඉන්දියාවේ ජීවත් වූ මහාවීර සහ ලංකවේ ජීවත් වූ නිගන්ටනාතපුත්ත යනු එක් අයකු නොව දෙදෙනෙකු බවත්,
  6. අශෝක නම් මහා අධිරාජ්‍යයෙක් ඉන්දියාවේ සිට නොමැති බවත්,
  7. සක වර්ෂ ගනනය තවත් අවරුදු 600 කින් පමණ පස්සට යා යුතු බවත් ඒ අනුව ගොතම  බුදු හිමියන් ජීවත්වන්නට ඇත්තේ අදට වසර 3000 කට අධික කාලයකට පෙර බවත්, ශාක්‍යමුණි හිමියන් ජිවත් වී ඇත්තේ ඊටත් පෙර වසර 4000 කට පමණ පෙර පැරණි බැක්ට්‍රියාවේ බවත්,
  8. බිම්බිසාර සහ අජාසත්තු යනුවෙන් රජවරු ඉන්දියාවේ සිට නොමැති බවත්,
  9. අද බෞද්ධයන් ඉන්දියාවේ වන්දනාමාන කරන්නේ ජෛන සහ හින්දුන්ට අයිති සිදස්ථාන මිස ඒවා බෞද්ධ සිදස්ථාන නොවන බවත්,
  10. එදා බුදුන් දවස ලංකවේ බෞද්ධ දහමට සමගාමීව ජෛන, ආජිවක හා බ්‍රාහ්මණ වේද යනාදී සංස්කෘතීන් පැවතුන බවත්,  

පැහැදිලි සාක්ෂි ඇතිව ඔප්පු කර පෙන්වයි.

මෙම කෘතිය නුදුරේ ම ඉංග්‍රීසි, සිංහල සහ හින්දි භාෂා වලින් මෙම ව්‍යාපෘතිය විසින්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මෙහි සියලු ආදායම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීමේ වැඩ පිලිවෙලටම යෙදවීමට නියමිතය.